2022 මැයි 19, පෙ.ව. 9:03
යුධ සමය සහ යුද්ධය අවසන් දින කිහිපයේදී මුල්ලිවයික්කාල් ආශ්‍රිතව මිය ගිය සිය ජනතාව සිහිපත් කරමින් ඊයේ (18) පාර්ලිමේන්තුවේදී විනාඩියක නිහඬතාවයක් පළ කරන බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එස්.නෝගරාධලිංගම් මහතා කියා සිටියා.
එම නිහඬතාවය පළ කිරීමට දමිළ ජාතික සංවිධානයේ හවුල්කාර පක්ෂයක් වන ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, කෝවින්දන් කරුණාකරන් යන මන්ත්‍රීවරුන් ද එක් වුණා.
ඊට විරෝධය පළ කරමින් පුත්තලම දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්නේ මහතා පැවසුවේ ඊට වහාම ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසයි.
එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මුලසුනේ රැඳී සිටි ප්‍රේමනාත් සි දොලවත්ත මහතා ප්‍රකාශ කළේ කතානායකවරයා දැනුවත් කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:07
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:03