hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 07, ප.ව. 1:09



බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය පාර්ශ්වයෙන් තාවකාලිකව හෝ විසඳුමක් ලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග නතර කිරීමට තමන් සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම බන්නැහැක මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට යම් කාලයක් ගතවන බවට රජය පාර්ශ්වයෙන් පවසන නිසා අඩු තරමේ ඒ වනතුරු තාවකාලිකව හෝ සහනයක් ලබා දිය යුතු යැයි ඔහු සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නුදුරේදී ම ලැබේ නම් තම වාත්තීය ක්‍රියාමාර්ගය වහා ම අත්හිටුවීමට සූදානම් යැයි ද හෙතෙම අවධාරණය කළා.

මාස තුනක් තිස්සේ තම ගැටලුවලට විසඳුම් ලබා දීමට ඉදිරිපත් නොවන රජය මෙහි වගකීම භාරගත යුතු යැයි ද මහාචාර්යවරයා පැවසුවා.