hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 07, ප.ව. 8:14



පූර්ණ කාලීනව ත්‍රී රෝද රථ රියදුරන් ලෙස රැකියාවේ නිරත වන පුද්ගලයන් සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සංශෝධනය කිරීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ , කුලී ත්‍රිරෝද රථ සඳහා දැනට නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවට චෝදනා පවතින බවයි .

ඒ සඳහා විශේෂ ක්‍රමවේදයක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් නිරීක්ෂණයට අද(07) එක්වූ අවස්ථාවේදී උවයිස් මොහොමඩ් මහතා සඳහන් කළේ.

“අද සම්පූර්ණයෙන් ම මිනිස්සුන්ගේ දවසක් දෙකක් පෝලිමේ ඉන්න අයට පැය භාගයකින් ඉන්ධන ලබාගෙන යන්න පුළුවන් තත්ත්වයකට අපි දැන් ඇවිල්ලා තියෙනවා. මම බලාපොරොත්තුවෙනවා මේකට අනුගත වෙලා සහය දෙන්න කියලා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා.”