hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 19, ප.ව. 1:48



ත්‍රිරෝද රථ ගාස්තු යළි වැඩි කර තිබෙනවා.

ඒ අනුව, පළමු කිලෝමීටරය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 120 ක්.

තමන් ත්‍රිරෝද රථයකට ගොඩ වීමට ප්‍රථම මුදල කොපමණද යන්න පිළිබඳව එකඟතාවයකට පැමිණිය යුතු බවත් මීටර් නොමැති ත්‍රීරෝද රථයක් නම් එහි ගමන නොයන ලෙසත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ වෘත්තීකයින්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ.

වැඩි වූ ගාස්තුව අනුව, දෙවන කිලෝමීටරයට රුපියල් 100 ක් අය කිරීමට සිදුව ඇති බවයි ධර්මසේකර මහතා සඳහන් කළේ.

ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දක්වා සිටියා,

“ආණ්ඩුව ගාස්තුව තීරණය කිරීමේ වගකීමෙන් ඉවත් වෙලා. අද වෙනකොට කවුද තීන්දු කරන්නේ ගාස්තුව? මීටර් තියෙන අය තමයි ගාස්තුව තීරණය කරන්නේ. දැන් කොහොමද අලුත්ම තත්ත්වය?120යි පළවෙනි කිලෝමීටරය. රුපියල් 100 දෙවෙනි කිලෝමීටරය. අද ලංකාවේ කොයි දේද තිබුණ ගාස්තුවට වඩා දෙගුණයක් වැඩි නොවී තියෙන්නේ? සමහර් ක්ෂේත්‍ර වගේම අපේ ක්ෂේත්‍රයේ විධිමත් ක්ෂේත්‍ර අඩ අඩා කියනවා ගාස්තු වැඩි කළේ ඇයි කියලා විද්වත් විදියට කියනවා. අපේ මේ රටේ මිනිස්සුන්ට කියනවා මේ ත්‍රීරෝද රථ ප්‍රජාව ජීවත් වෙන්න පොර බදින පොර බැදීමේ දී හයර් එක යන්න කලින් ගාස්තුව කතා කර ගන්න දෙයියනේ. ගාස්තු මීටරයක් නැත්තම් කොළඹ ප්‍රදේශයේ නම් නගින්න එපා.”

සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“හරියට ගණනය කළොත් මෙය නෙවෙයි සෑහීමකට පත් විය යුතු ගණන වෙන්නේ ඊට වඩා විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා කිලෝමීටරයකට. ඒත් මගී ජනතාවට සේවය සැලසීම සදහා වූ වැඩපිළිවෙළ නිසා පැහැදිලිවම මේ ගාණෙන් අපි නැවතිලා තියෙනවා. මොවුන්ට ඉන්ධන ටික ලබා දීමෙන් පසුව නියාමන අධිකාරිය පිහිටවීම තුළින් යම් ගාස්තු සංශෝධන සහ මිල සූත්‍ර නිර්මාණය කිරීම කළ යුතු වෙනවා. ඒක අනිවාර්යයෙන් රජය සතු වගකීමක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: