hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 28, පෙ.ව. 12:06



දකුණු පළාත් සභාව මගින් පාලනය වන පාසල් සඳහා ගුරුවරුන් 1028 දෙනෙකු කඩනමින් බඳවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති බැව්  දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ මහතා පවසනවා.

ගුරුවරුන් බඳවා ගැනීම සඳහා  පැවති උපාධිධාරි ගුරු විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් උපාධිධාරීන්  සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට කටයුතු කරන බවත් ඒ අනුව ගුරු විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් උපාධිධාරින්  3080 දෙනෙකු සම්මුඛ පරික්ෂණ සඳහා කැඳවීමට කටයුතු කරන බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළා.

ගුරු පුරප්පාඩු වී ඇති විෂයයන් අනුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමින් මෙම ගුරුවරුන් ඉදිරියේ බඳවා ගැනීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා පවසනවා.

 මේ පිළිබඳ අදහස් දක්වමින් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මෙසේද සඳහන් කළා.

“රජයේ සේවයේ නියුතු උපාධිධාරි සංවර්ධන නිලධාරීන් පිරිසක් විභාගයක් නොපවත්වා ගුරුවරුන් බඳවා ගන්නා ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරනු ලැබු ඉල්ලීමකට අනුව තහනම් නියෝගයක් පනවා තිබුනා. එම තහනම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත් කළා. ඒ නිසා  දකුණු පළාත් සභාවට මෙම ගුරුවරු බදවා ගැනීමට  හැකි වෙලා තියෙනවා. ගුරුවරුන්  බදවා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට තියෙනවා. ගුරු විභාගය සඳහා අපේක්ෂකයින් 10500 දෙනෙකු ඉදිරිපත් වුනා. ගුරුවරුන් බදවා ගැනීම තුලින් දකුණු පළාතේ ගුරු හිඟයට විසඳුම් ලැබෙනවා. දැනට විශ්‍රාම ගොස් සිටින ගුරුවරුන්ගේ පුරප්පාඩුත් සමග ඉදිරියේ දී ගුරුවරු 1500ක් පමණ බදවා ගැනීමට හැකි වනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: