hit counter

2026 ජූලි මස 07 වන අඟහරුවාදා

2024 මැයි 10, පෙ.ව. 12:04



ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (10) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

එම සම්මුඛ පරීක්ෂණ හෙට සහ 11, 13, 20 දිනයන්හි බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වෙනවා.

2021 දෙසැම්බර් 12 වැනිදා පැවති තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව මෙම බඳවා ගැනීම් සිදු කරන අතර සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.govlkහි පළ කර තිබෙනවා.

ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලොමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්‍රේණියට බඳවා ගැනීම මෙමඟින් සිදු කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: