hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 24, පෙ.ව. 1:02



හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක 13 වසරේ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට ගැනීම වලක්වා ගැනීම සදහා හෘදයාබාධයක් බව පවසමින් දික්ඔය මුලික රෝහලට ඇතුලත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන බව පහර කෑමට ලක් වූ සිසුවියගේ දෙමව්පියන් චෝදනා කර සිටිනවා.

පාසලේ අධ්‍යාපනය කටයුතු වලට අමතරව පහර දුන්නේ යැයි කියන ගුරුවරයා හැටන් ප්‍රදේශයේ ජීව විද්‍යා භාහිර පන්තියක් පවත්වන බවත්, එම භාහිර පන්තියට එම සිසුවිය නොපැමිණිම සම්බන්ධයෙන් උරණ වු ගුරුවරයා ඉකුත් 21 දින තම දියණියට වේවැල් පහක් එකට එක් කර අමානුෂික ලෙස පහර දීම නිසා තුවාල ලැබු දියණිය දික්ඔය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ඇය එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද එම සිසුවියගේ දෙමව්පියන් කියා සිටියා.

සාමාන්‍ය පෙල විභාගයේදී පහර කෑමට ලක් වුවේ යැයි කියන සිසුවිය ඒ සාමාර්ථ 9 ක් ලබා ගෙන එම පාසලේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙල හදාරන අතර එම සිසුවිය අධ්‍යාපනය දක්ෂ සිසුවියක් බවයි එම පාසලේ ගුරුවරුන් කියා සිටින්නේ.

එම සිසුවියගේ දෙමව්පියන්ද ගුරුවරුන් වශයෙන් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් වල සේවය කරන අතර තම දියණියට එම ගුරුවරයා අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් හැටන් පොලීසියට පැමිණිල්ලක් කල බවත්, පහර දුන් ගුරුවරයා මිට ප්‍රථම අවස්තා කිහිපයකදිම සිසු සිසුවියන්ට පහර දිම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ගුරුවරයෙකු බවයි දෙමව්පියන් කියා සිටින්නේ.

එම ගුරුවරයා අත්අඩංගුවට නොගැනිම සම්බන්ධයෙන් හැටන් පොලිසියේ නිලධාරියෙකුගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ සැකකාර ගුරුවරයාද තමන්ට හෘදයාබාධයක් ඇති බව පවසමින් දික්ඔය මුලික රෝහල ඇතුලත් වී නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව එම ගුරුවරයාට එරෙහිව නිතිමය ක්‍රියාමාර්ගය ගන්නා බවද වැඩිදුරටත් පැවසුවා.

හැටන් – රංජිත් රාජපක්ෂ