hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 17, ප.ව. 4:25



මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් එම පාසලේ සිව්වන වසරේ ඉගෙනු ලබන සිසුවෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් සිසුවා රෝහල්ගත කර තිබෙනවා.

සිසුවාට A4 කොළයක් රැගෙන එන ලෙස දන්වා තිබුණ ද ඔහු එය රැගෙන නොඒම හේතුවෙන් විදුහල්පතිවරයා විසින් සිසුවාගේ පිට ප්‍රදේශයට පහරදී ඇති බව සඳහන්.

පාසල නිම වී නිවසට ගිය පසු එකවරම වමනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් දෙමාපියන් දරුවාගෙන් ප්‍රශ්න කිරීමේ දී පහර කෑමට ලක් වූ දරුවා විදුහල්පතිවරයා කළ පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන්ට පවසා තිබෙනවා.

දෙමාපියන් විසින් සිසුවාට අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට සිසුවා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර පහර දීම් සැකකාර විදුහල්පතිවරයාව ඊයේ (16) සවස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.