2022 ඔක්‍තෝබර් 11, ප.ව. 6:42
මීගමුව අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ විදුහලක සිසුවියන් සමග ආවේගාත්මක නර්තනයක යෙදුණු ගුරුවරියන් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙම වීඩියෝව සමාජ මාධ්‍යවල සංසරණය වූ අතර සිසුවියන් සමග ගුරුවරියන් නර්තනයක යෙදුණේ ‘මේ මධ්‍යපානේ තියෙන ජොලිය ගෑනු නොදන්නේ – ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ’ යන ගීතයටයි.
නර්තනයේ යෙදෙන්නේ පාසල් භූමියේදීයි.
එම ගුරුවරියන්ගේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පැවැත්වීමට නියෝග කළ බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස් මහතා පැවසුවා.
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:49
2026 අප්‍රේල් 27, පෙ.ව. 9:50
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17