hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 10, පෙ.ව. 11:30



කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට සහ  වෛද්‍යවරියකට  ප්‍රහාරයක් එල්ලකර “තොපි කපනවා” තර්ජනය කර තමන්ට නඩු 16ක් තිබෙනවා යැයි වහසිබස් දොඩා රෝහල් වාට්ටුවෙන් පලාගිය මැරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසනවා.

ප්‍රථම  දරු ප්‍රසූතිය සඳහා සති 28ත පමණ ගැබක් සහිත තරුණ මව කුරුණෑගල ශික්ෂණ රෝහලේ 72 වාට්ටුවේ නේවාසිකව සිටියදී ඉතා කඩිනමින් දරුවා බිහිකරදෙන ලෙස වාට්ටු භාර වෛද්‍යවරයාට බලපෑම් කර ඔහු සමඟ බහින්බස් වී වෛද්‍යවරයාගේ බෙල්ලෙන් අල්ලා පහරදී තවත් වෛද්‍යවරියක් තල්ලුකර පලා ගිය මැරයා මෙතෙක් පොලිස් අත්අඩංගුවට ගැනීමට  නොහැකිවී ඇති බව රෝහලේ වෛද්‍යවරු පවසනවා.

පසුගිය 8 දින සවස 5.30ට පමණ මෙම ගැටුම කුරුණෑගල ශික්ෂණ රෝහලේ (72) ගැබිනියන් නේවාසිකව සිටින වාට්ටුවේ සිදුවී තිබෙනවා.

දරු ප්‍රසූතිය සඳහා සුදුසුකම් සපුරා නැති බැවින් අස්වාභාවිකට දරු ප්‍රසූතිය සිදුකළොත් දරුවාට හානියක් සිදුවිය හැකි බව වෛද්‍යවරුන්  පැවැසුවත් ගැබිනියගේ ස්වාමියා යැයි කියාගන්නා අය කියා ඇත්තේ තමන්ට දරුවාගෙන් වැඩක් නෑ. ඉක්මනින් දරු ප්‍රසූතිය කරදෙන ලෙස වාට්ටු භාර වෛද්‍යවරයාට තර්ජනය කර යකා නැටූ මොහු දරුවන් දෙදෙනකුගේ පියකු බවත් බිරිය විදේශගතව සිටින බවත් වෛද්‍යවරු පැවැසූවා.

තමන්ට නඩු 16ක් තිබෙන බවත් වෛද්‍යවරු කපනවා යැයි තර්ජනය කර  රෝහලින් පලාගොස් සැඟවී සිටින මොහු මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ගැබ්ගෙන සිටින තරුණිය දඹුල්ල මාර්ගයේ කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් වාර්තා වෙනවා.