2024 ජූනි 26, ප.ව. 12:03
ශ්‍රී ලාංකීය බුදු දහමට අමිල වූ සේවාවක් ඉටු කරනු ලැබූ කර්නල් හෙන්රි ස්ටිල් ඕල්කට් මැතිතුමන් ගුණානුස්මරණ උළෙලක් කැලණිය රජමහා විහාරයේදී පසුගියදා පැවැත්විණි.
ඇමරිකානු තානාපති කාර්‍යාලය හා පාත් පායින්ඩර් ආයතන එක්ව සංවිධානය කළ මෙම උළෙල සදහා ඇමරිකානු තානාපතිනිය ජූලි චංග් මැතිණිය, ඉන්දියාවේ හිටපු මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා, R.A.D.සිරිසේන මහතා යන ගිහි දායකයින් සහභාගී වූ අතර මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය අග්ග මහා පණ්ඩිත කොටපිටියේ රාහුල අනුනාහිමියන් සිදු කරන ලදී.
අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමි, ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ මහ නාහිමි, සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්‍ය කුඹුරුගමුවේ වජිර නා හිමි, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අකුරටියේ නන්ද නා හිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද මෙම අවස්ථාවට සහ සම්බන්ධය වූ අතර ඕල්කට්තුමන් හට උපහාර දැක්වීමට ඇමරිකානු තානාපතිනිය සහ මිලින්ද මොරගොඩ මහතා එක් වුණා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11