hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 09, ප.ව. 3:33



කොළඹට රැස්වූ විරෝධතාකරුවන් මේවන විට අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන අරලියගහ මන්දිරියට ඇතුළු වී ඇතැයි වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසූවේ විශාල පිරිසක් මේවන විට ගාලු පාර ඔස්සේ ගෝඨාගෝගම පරිශ්‍රයට පැමිණෙමින් සිටින බවත් ඒ අතරතුර පිරිසක් අරලියගහ මන්දිරයට ඇතුළු වී ඇති බවත්ය.

මීට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයද අරගල කරුවන් අත්පත් කරගත්තා.

ඒ අනුව මේ වනවිට ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලය යන දෙකටම අරගලකරුවන් ඇතුළු වී සිටින අතර තවදුරටත් එම ස්ථාන දෙකෙහි ජනතාව විශාල වශයෙන් රැස්වී සිටිනවා.

ජනාධිපතිවරයාට ධුරය ඉවත් වන ලෙස බලකරමින් ඔවුන් විරෝධයේ නිරත වනවා.