2022 ජූලි 13, පෙ.ව. 10:04
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දින අලුයම ශ්‍රී ලංකාවෙන් මාලදිවයින බලා නික්ම ගොස් තිබෙනවා.
ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂක නිලධාරීවරයෙකු මෙසේ පිටත්ව ගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් – 32 ( AN32 ) වර්ගයේ ගුවන් යානයකින් අද දින අලුයම 01.45 ට පමණ මාලදිවයින බලා කටුනායක ගුවන් හමුදා කදවුරෙන් පිටත්ව ගොස් තිබෙනවා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත් ව ගිය බව අග්‍රාමාත්‍ය කාර්යාලයද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවද නිවේදනයක් නිකුත් කළා.
එම නිවේදනය පහතින් දැක්වෙනවා.

2026 ජනවාරි 17, ප.ව. 1:05
2026 ජනවාරි 17, පෙ.ව. 9:27
2026 ජනවාරි 17, පෙ.ව. 12:37
2026 ජනවාරි 17, පෙ.ව. 12:31
2026 ජනවාරි 17, පෙ.ව. 12:18