hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 01, ප.ව. 3:44



කාලගුණ විද්‍ය දෙපාර්තුමේන්තු දත්තයන්ට අනුව ශ‍්‍රී ලංකාව ආසන්නයේ පවතින පහල වායුගෝලීය කැලඹිලි සහගත තත්වය හේතුවෙන් ඇති විය හැකි අයහපත් කලගුණික තත්වය හමුවේ දිවයිනේ පලාත් කීපයකට ගංවතුර හා නාය යාමේ අවධානමක් ඇතිවිය හැකි බව අපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඇතිවිය හැකි අපදා තත්වයන්ට සහන සැලසීම හා මුදවා ගැනිමේ කටයුතු සදහා ගුවන් යානා හා ඊට අදාල භට පිරිස් ස්ථානගත කර සුදානමින් තැබිමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් මේ වනවිට උපදෙස් ලබාදි ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසනවා.

ඉදිරියේදි ඇතිවිය හැකි අපදා තත්වයන් පිළිබඳ නිරතුරු ගුවනින් නිරික්ෂණය කිරිම සදහා ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යනා මෙන්ම අපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසිමට හා මුදවා ගැනිමේ මෙහෙයුම් සදහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මෙන්ම මුදවා ගැනිම් සදහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස් සුදානමින් සිටින බව ගුවන් හමුදා මාධ්‍ය අංශය කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: