hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:16



අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වනවා.

ඒ මුදල් නොමැතිවීම හේතුවෙන්.

මේ තත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාම ද බරපතළ ගැටලුවක් වී තිබෙනවා.

ඇතැම් ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම, අත්‍යවශ්‍ය සේවකයන් සදහා අතිකාල දීමනා ගෙවීම් ආදිය ද බරපතළ ගැටලුවක් වී ඇතැයි ආයතන ප්‍රධානීන් සඳහන් කරනවා.

අමාත්‍යංශවල අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව, ආරම්භ කළ ව්‍යාපෘති පවා පවත්වාගෙන යෑමද බරපතළ අර්බුදයක් වී ඇතැයි වාර්තා වනවා.

මේ අතර සෞඛ්‍ය, අධ්‍යාපන, මහාමාර්ග, නිවාස ආදී අමාත්‍යාංශවල කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිඟ බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

රජයේ සංස්ථා, මණ්ඩල ගණනාවක සේවක වැටුප් ගෙවීම ද මේ වන විට බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා.

මේ අතර රාජ්‍ය බැංකු දෙකෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් වී අලෙවි මන්ඩලය වී මිලදී ගැනීම ද මේ වන විට නතර කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: