hit counter

2026 ජූලි මස 11 වන සෙනසුරාදා

2026 ජූලි 11, ප.ව. 5:39



ලෝක පූජිත ශුද්ධෝත්තම 14 වන දලයි ලාමා මහ නාහිමිපාණන් වහන්සේගේ 91 වන ජන්ම දිනය නිමිත්තෙන් ඓතිහාසික ත්‍රෛනිකායික මහා සංඝ සභාවක් බියගම ශ්‍රී බෝධිරුක්ඛාරාම මහා විහාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

සියම් මහා නිකායේ අතිපූජ්‍ය ආචාර්ය මල්වානේ පඤ්ඤාසාර මහානායක ස්වාමිද්‍රයාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පුණ්‍ය මහෝත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය 130 නමක් සහ බැතිමතුන් 300කට අධික පිරිසක් එක්වූහ.

හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල සහ බියගම නියෝජ්‍ය නගරාධිපති සුගත් දිසානායක ඇතුළු ප්‍රභූන් රැසක් ද මීට සහභාගී වූහ.

අන්තර්ජාතික බෞද්ධ මහා සමිති සම්මේලනයේ (IBC) නියෝජ්‍ය මහලේකම් ආචාර්ය දමෙන්ද පෝරගේ මහතාගේ මෙහෙයවීමෙන්, බෞද්ධ සහෝදරත්ව පදනම, බෝධිරුක්ඛාරාම මහා විහාරය සහ බියගම ත්‍රයිනිකායික සංඝ සභාව විසින් සංවිධානය කළ මෙම සභාවේදී ටිබෙට් බෞද්ධ උරුමය සුරැකීමට ඉන්දියාව සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉටුකරන සුවිශේෂී රාජ්‍ය අනුග්‍රහය ඇගයීමට ලක්විය.

මෙහිදී ශුද්ධෝත්තම දලයි ලාමා වහන්සේට වසර 130ක චිරජීවනය පතා මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කළ අතර, උත්තරීතර නිල සුබපැතුම් ප්‍රකාශනයකට ද අත්සන් තැබූහ.

පින්කම නිමිත්තෙන් පදනමේ “කරුණා ධාරා” ව්‍යාපෘතිය යටතේ ගැබිණි මව්වරුන් සඳහා පෝෂණ මළු බෙදාදීම ද සිදුකෙරුණි.