hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, පෙ.ව. 9:52



බුද්ධ පූජාවේදී ගාථා වැරැද්දුවා යැයි විහාරස්ථ හිමිවරුන් පිරිසකගෙන් දරුණු වධ බන්ධනයට ලක් වූ සිය 8 හැවිරිදි පුත්‍රයා (සාමණේර හිමිනමක්) පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළේ යැයි උන්වහන්සේගේ පියා වන ගම්පොළ අමරසිරි දිසානායක මහතා පැවසුවා.

දින ගණනක් තිස්සේ සිය පුත්‍රයා පහර කෑමට ලක්ව ඇති බව දැනගත් පසු ඉකුත් 20 වැනිදා ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පේරාදෙණිය රෝහලට උන්වහන්සේ යොමුකර ඇතැයි දිසානායක මහතා සඳහන් කළා.

සාමණේර හිමියන් පැවිදි වී ගතව ඇත්තේ තවමත් දින 45ක් පමණක් යැයි කී හෙතෙම උන්වහන්සේට කොසු කැඩෙනතුරු පහරදී මුත්‍රා පොවා මුහුණට පහරදී නාසය කඩා ඇතැයිද තොල් පුපුරා තට්ටම්වල ශරීරය පුරා තුවාල වන සේ ඒවා දරුණු වී ඇතැයිද කියා සිටියා.

තවද කතුරකින් හා කවකටුවකින්ද ඇන සිය පුතුට තුවාල කර ඇතැයි එම පියා පැවැසුවා.

ගම්පොල, පුස්සැල්ලාව ප්‍රදේශයේ විහාරස්ථානයකදී මෙම පහරදීම සිදුව ඇතැයි කියයි.

ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් ඔබට යම් සාධාරණ සැකයක් හෝ තොරතුරක් වේ නම් වහා ම 1929 අංකයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දී වගකිව යුතු පුරවැසියකුගේ යුතුකම ඉටු කරන්න.