hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 23, පෙ.ව. 1:09



බුදුන් වහන්සේ හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු නැමති ක්‍රිස්තියානි දේවගැතිවරයා පසුගිය සතියේ සිදුකළ ප්‍රකාශය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළා.

ඔහුට එරෙහිව පාර්ශව කිහිපයක්ම අධිකරණය හමුවට ගිය අතර දේවගැතිවරයා රටින් පිටවීම වැළැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගයක්ද ලබා ගත්තා.

එවන් පසුබිමක ඔහු සිංගප්පූරුවේ සිට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අදාළ ප්‍රකාශයෙන් සිදුවූ සිත් තැවුල ගැන තමා සමාව අයදින බවයි.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම නිත්‍යානුකූල පියවර ගන්නා ලෙස මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් පටු ආගමික අරමුණු පෙරදැරිව, මෙරට ආගමික සංහිඳියාවට තර්ජනයක් වන අයුරින් ප්‍රසිද්ධියේ සිදුකරන ප්‍රකාශ සුළුකොට තැකිය නොහැකි බැවින් වහා නිසි අණ පනත් මගින් නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස මහ නා හිමියන් එමගින් ඉල්ලා සිටිනවා.