hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 01, පෙ.ව. 9:41



මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාරියක වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය විසින් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් එකී ව්‍යාපාරය ඇයගේ නමින් ලියාපදිංචි වී ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත කරුණු අනාවරණය වී තිබෙනවා.

සැකකාරිය විසින් කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මෙසේ වංචා කරන ලද මුදල් ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරයක් සඳහා ආයෝජනය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් දැනටමත් ආරම්භ කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිසියේ හා මහ බැංකුව හරහා තොරතුරු විමසා ඇති බවත් ඉදිරියේදී විමර්ශන ප්‍රගතිය සඳහන් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයා වෙත සාක්කි සම්පිණ්ඩන වාර්තාවක් ගොනු කරමින් සඳහන් කළේ.