hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 07, ප.ව. 3:48



ඉදිකළ මෙරට විශාලතම තොරණ ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම තොරණ ඉදිව ඇත්තේ 65 වන වරට බව වාර්තා වෙනවා.

මෙවර මෙම තොරණින් දේවධර්ම ජාතක කථා වස්තුව නිරූපණය වූ අතර මෙම තොරණ උස අඩි 65 කින් ද පලල අඩි 55කින් ද වන අතර විදුලි බුබුළු 80,000 කින් සමන්විතයි..

මෙය මැයි 05 සිට 12 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරෙයි.

දෙමටගොඩ තොරණ මෙවර 46 වන වරට ප්‍රදර්ශනය කෙරුණු අතර යසෝදරා චරිතාපදානය එහි නිරූපනය කෙරුණා.

විශාලා මහනුවර ඇතිවූ තුන්බිය පිළිබඳ කියැවෙන රතන සූත්‍රය පිළිබිඹු කරන රාජගිරිය තොරණ ඊයේ රාත්‍රියේ ප්‍රදර්ශනය කෙරුණා.

සෑම වර්ෂයකම මහරගම නගරයේ ප්‍රදර්ශනය කරන දර්ශනීය තොරණින් මෙවර නිරූපනය කෙරුණේ කාලීයක්ෂණී කථා පුවතයි.

අතුරුගිරිය එක්සත් වෙළෙඳ හා ව්‍යාපාරික සුබසාධක සමිතිය විසින් 16 වැනි වරටත් ඉදිරිපත් කරන තොරණ අතුරුගිරිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙවරත් ප්‍රදර්ශනය කෙරෙනවා.

ඉන් නිරූපණය කෙරෙන්නේ මහා මයුර ජාතකයයි.

මේ අතර කොට්ටාව එක්සත් වෙළෙඳ සංගමය 21 වැනි වරටත් සංවිධාන කරන තොරණ ඊයේ රාත්‍රියේ කොට්ටාව බස් නැවතුම්පොළ ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණා.