hit counter

2024 දෙසැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 25, ප.ව. 1:55



දේශීය ටයිල් නිෂ්පාදකයන් දෙදෙනකු ආරක්ෂා කිරීම සඳහා ආනයනික ටයිල් මත පනවා ඇති තීරු බදු තවදුරටත් වැඩි කිරීමේ සුදානමක් ඇති බවට ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කර සිටිනවා.

කොළඹ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් ශාමින්ද්‍ර ගුණසේකර රජයෙන් ඉල්ලා සිටියේ එලෙස පාර්ශ්වයන් දෙකක් ආරක්ෂා කිරීම මිලියන 22ක ජනතාවගේ ඉදිකිරීම් සිහිනයට පහර ගැසීමක් බවත් පුද්ගලයන් දෙදෙනකුගේ අභිලාශයන් වෙනුවෙන් ජනතාවගේ එම සිහිනයන් කඩා බිඳ නොදමන ලෙසයි.

ලේකම්වරයා සඳහන් කළේ, ආනයනික ටයිල් මත දැනට පනවා ඇති සියයට 130ක බද්දට අමතරව මෙලෙස තවත් තීරු බද්දක් පැනවීමට කටයුතු නොකර ටයිල් මිල අඩු කර පාරිභෝගිකයාට සහන ලබා දීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම බලාපොරොත්තු වන බවයි.

“අපේ ව්‍යාපාර අවුරුදු තුනක් විතර වසා දමා තිබුණේ.වර්තමාන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ සිටියදීත් මේ සම්බන්ධව සාකච්ඡා කළා. අපි මේ බදු ගෙවන්නේ ලංකාවේ දෙන්නෙක්ව ආරක්ෂා කරන්න. පාරිභෝගිකයකුට ගොඩක් අඩුවෙන් ටයිල් එකක් දෙන්න පුළුවන්.මේ තීරු බදු වැඩි කරන්නේ ඒගොල්ලන්ගේ ලාභය වැඩි කරගන්න.”

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: