hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 24, පෙ.ව. 12:04



දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් අංක බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංක (TIN) බවට පරිවර්තනය කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා දැනට සැලසුම් කර නොමැති බව වාර්තා වෙනවා.

The Sunday Morning වෙත අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් S.A.K.K.සනත් ප්‍රකආෂ කර ඇත්තේ, මෙම වැඩසටහන සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි.

“මෙතෙක් අපි එවැනි කිසිවක් ක්‍රියාත්මක කර නැහැ. එය යෝජනාවක් පමණයි,” ඔහු ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ, TIN අංකය ලියාපදිංචිය සඳහා දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පත් අංක භාවිත කරන අතර, ක්‍රියාවලියේ පහසුව සඳහා ජාතික හැඳුනුම්පතේ විස්තර පමණක් ලබාගන්නා බවයි.

මේ අතර, TIN අංකය ලියාපදිංචිය සඳහා වන නිර්ණායක නොවෙනස්ව පවතින අතර වයස අවුරුදු 18 ට වැඩි සියලුම පුරවැසියන් TIN එකක් ලබා ගැනීමට අවශ්‍ය වේ.

කෙසේවෙතත්, නව රෙගුලාසි පැනවීමට වඩා බදු ගෙවන්නන් සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සැලසීම කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇති අතර, පුද්ගලයන්ට ඔවුන්ගේ පහසුව අනුව TIN සඳහා ලියාපදිංචි වීමට ඉඩ සලසමින්, මහජනතාව මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ ලියාපදිංචිය සඳහා වූ අවසාන දිනය ඉවත් කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: