hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 28, ප.ව. 3:38



අනුරාධපුර පෞද්ගලික ඉන්ධනහලක වාහන වෙනුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ලබා දෙන ටෝකන් පත් ලබා දීමේදී එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියක් විසින් රාජකාරියෙන් බාහිරව කටයුතු කිරීම හේතුවෙන් පොලීසිය සහ මහජනතාව අතර දැඩි උණුසුම් තත්වයක් හටගත් බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

අනුරාධපුර ගුවන්තොටුපල පාරේ පිහිටි ඉන්ධන හලක අද (28) උදෑසන සිට වාහන වෙනුවෙන් ටෝකන් ලබා දීම සිදු වූ අතර එහිදී යතුරුපැදි , කාර්රථ සහ ත්‍රී රෝදරථ විශාල ප්‍රමාණයක් පෝලීමේ සිට ටෝකන් ලබා ගෙන තිබෙනවා.

මේ අතරවාරයේ ටෝකන් ලබා දෙමින් සිටි පොලිස් නිලධාරිනියක් ලියන ලද ටෝකන් කිහිපයක් සඟවා තිබෙනු ටෝකන් ලබා ගැනීමට පැමිණි අයෙකු දැක එම ටෝකන් ගැනීමට යාමේදී එම ටෝකන් ඉරා දැමීමට පියවර ගැනීමත් සමග මෙම තත්වය හටගෙන තිබුණා.

එහිදී අසල සිටි ඉන්ධන වෙනුවෙන් ටෝකන් ලබා ගැනීමට පැමිණි ජනතාවගෙන් පොලීසියට දැඩි විරෝධයක් එල්ල වූ අවස්ථාවේදී යුදහමුදාව තත්වය පාලනය කල අතර පොලීසියට ඉන්ධනහලෙන් ඉවත්වන ලෙස ජනතාව දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා.

පසුව අනුරාධපුර මූලස්ථාන පොලීසියේ සහ රථවහාන අංශ භාර ඉහල නිලධාරීන් පිරිසක් පැමිණ අදාල කාන්තා පොලිස් නිලධාරිනිය රැගෙන යාමට කටයුතු කිරීමේදී පොලීසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක් හටගත් අතර යුදහමුදාවේ මැදිහත්වීමෙන් තත්වය පාලනය කර තිබෙනවා.

පසුව යුද හමුදාව විසින්ම වාහන වෙනුවෙන් ටෝකන් ලබා දීම සිදුකර තිබෙනවා.

https://youtu.be/5zi1olZ3yhM