hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 මාර්තු 03, පෙ.ව. 4:21



බස්නාහිර පළාත තුළ සිදුවන රිය අනතුරු හා මාර්ග අවහිරතා අවම කර ගැනීමට එම පළාත තුළ රියැදුරන්, මගීන් හා පදිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාසය මේ බව සඳහන් කළා.

ඒ අනුව, එම වැඩසටහන මාර්තු 1 වන දා සිට 31 වන දා දක්වා බස්නාහිර පළාතේ සියලු ම පොලිස් වසම් ආවරණය වන පරිදි පැවැත්වීමට නියමිත අතර එහිදී වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබා දී දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන බව පොලිසිය පැවසුවා.

එම වැරදි පහතින්,

  • රියැදුරු බලපත්‍ර නොමැතිව රිය පැදවීම
  • වයස අවුරුදු 18ට අඩු ළමුන් රිය පැදවීම
  • ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික නොමැතිව රිය පැදවීම
  • මාර්ග නීති උල්ලංඝනණ කිරීම
  • වටරවුම් ආශ්‍රිතව සිදු කරන වැරදි
  • පදික මාරුවල සිදු කරන වැරදි
  • මංතීරු මාරු කරමින් ධාවනය
  • විදුලි සංඥා අසල සිදු කරන වැරදි
  • බස් නැවතුම් පොළවල සිදු කරන වැරදි
  • තහනම් ප්‍රදේශවල රථවාහන නවතා තැබීම්
  • ආරක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය

එම වැඩසටහන සඳහා රියැදුරන්, මගීන් හා පදිකයින්ගේ සහයෝගය ලබා දීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.