hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 02, ප.ව. 12:29



“ආණ්ඩුව ජනතාවගේ හඬට තවත් කන් දෙන්නෙ නැතිනම් ඉදිරියේදී අඛණ්ඩ දුම්රිය වැඩවර්ජනයකට යනවා” යැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එස්.පී විතානගේ මහතා සඳහන් කළා.

ඒ සදහා අනතුරු ඇඟවීමක් ලෙස ඊයේ කොටුවේ දී දුම්රිය වෘත්තීය සමිති එක්ක උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ බවද හෙතෙම සඳහන් කළා.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියා,

“මැතිවරණ කල් දැමීම, බදු වැඩි කිරීම, විදුලි බිල වැඩි කිරීම, ණය කුලී වාරික වැඩි කිරීම, ජීවන බර වැඩි වැඩි කිරීම ඇතුළු තවත් කරුණු කාරණා මුල් කරගෙන අපි දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූවා. 2016න් පසු දුම්රිය දෙපාර්තමේන්තුවේ පඩි වැඩි වෙලා නැහැ. අද බඩු මිල හැමදේම වැඩි වෙලා. එහෙම තියෙද්දි මේ අය බඩු මිල වැඩි කරමින් ජනතාව දැඩි පීඩනයකට පත් කරමින් ඉන්නවා. මහජනතාවගේ දේපළ කොල්ලකන මේ ආණ්ඩුව ගෙදර යවන්න අපි සූදානම්. මේ අය දැන් ගෙදර යවන්න ම ඕනේ. රට කාපු මේ අයත් හිටිය දැන් ඇති. ජනතාවට දුක දැවැන්ත විදිහට දැනිලයි තියෙන්නෙ. මැතිවරණය කල් දාමින් නාට්‍යයක් රඟපාන රනිල් ප්‍රමුඛ ආණ්ඩුව ගෙදර යවන්න සූදානම්. මේ අය දන්නවා මැතිවරණයෙන් දරුණු පරාජයක් ලබන බව.”