hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 16, ප.ව. 12:37



කොළඹ කොටුව – මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට විකල්ප යෝජනා ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා. නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසදුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා කර තිබු අතර රාජ්‍ය සේවකයන් දහස් ගණනක්  කොළඹ – මාලබේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සේවය කරන බැවින් ඔවුන්ට මෙම දුම්රිය සේවයෙන් කාලයත් මුදලත් ඉතිරිකර ගත හැකි වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඉඩම් පවරා ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය 2020 දී ආරම්භ කර 2024 මැද භාගය වනවිට වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණා.

මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීම සිදුකරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා (JICA) ආයතනය වන අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1,850ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබූ නමුත් ඉකුත් සමයේදී රට මුහුණ දුන් ආර්ථික හා සමාජීය අර්බුද හමුවේ මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කෙරුණු බව ඔහු පැවැසුවා. 

කිලෝමීටර් 16ක දිගින් හා නැවතුම්පොළ 16කින් සමන්විත වන සේ ඉදිකිරීමට නියමිතව තිබූ මෙම දුම්රිය සේවාව හරහා මාලබේ සිට කොළඹ කොටුව දක්වා මිනිත්තු 30කින් ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති.

කාර්යබහුල වේලාවලදී සෑම මිනිත්තු 4කට වරක්ද, සාමාන්‍ය වේලාවලදී මිනිත්තු 10 කට වරක්ද නැවතුම්පොළකට දුම්රියක් පැමිණෙන ආකාරයට මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.