hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 10, ප.ව. 5:14



දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු (10) දින සම්පුර්ණයෙන්ම ඇණ හිටියා.

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා පොඩි මැණිකේ දුම්රිය ධාවනය කරනු ලැබු අතර එය සෑම දුම්රිය ස්ථානයකම නතර කරනු ලැබුවා.

දුම්රියෙන් ගමන් ගන්නා මගින්ට දුම්රිය ස්ථානවලින් ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් දුම්රිය මගින් පොඩි මැණිකේ දුම්රියෙන් නොමිලේ සිය ගමනාන්තය දක්වා ගමන් කල බවයි වාර්තා වන්නේ.

පොඩි මැණිකේ දුම්රිය නතර කල සැම දුම්රිය ස්ථානයකම දුම්රිය ස්ථානාධිපතිවරුන් ලබා දෙනු ලබන දුම්රිය ටැබ්ලටය නොමැතිව පොඩි මැණිකේ දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කිරිමටයි දුම්රිය රියදුරන් පියවර ගත්තේ.

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියන් ගණනාවක් ධාවනය නොවු නිසා පොඩි මැණිකේ දුම්රියෙන් ගමන් කිරිමට විදේශිය සංචාරකයන් ඇතුළු දේශිය මගින් විශාල පිරිසක් පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.