hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 22, ප.ව. 9:51



නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් අද (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

QR කේතයක් සමඟ හඳුන්වා දී ඇති මෙම නව ටිකට්ප ත දුම්රිය දෙපාර්තමේන්තුවේ pravesha.lk වෙබ් අඩවිය හරහා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email පණිවුඩයක් හරහා අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී අදාල පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.