hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 ජූනි 25, ප.ව. 2:10



කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 3.00ට මඩකලපුව බලා පිටත්වන පුල්තිසි සිඝ්‍රගාමි දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ප්‍රයෝජනය සඳහා මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට අක්කරෙයිපත් දක්වා රාත්‍රී බස් සේවාවක් ඊයේ රාත්‍රියේ ආරම්භ කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්දිකාන්තන් මහතා ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝව මගින් මෙම සේවාව ආරම්භ කර තිබෙනවා.

මෙම බස් රථ සේවාව මඩකලපුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 10.30 ට පිටත් වී කාත්තාන්කුඩි ආරයම්පති කලුවංචිකුඩි කල්මුණේ කාරයිතිව් නින්දවුර් අට්ටාලයිචේන හරහා අක්කරෙයිපත් වෙත ළඟා වෙනවා.

මඩකලපුව – ටී. එල්. ජව්ෆර්කාන්