hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 22, පෙ.ව. 7:19



ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානයේ විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව අවසන් කිරිම නිසා ඒ සදහා දරනු ලැබු රුපියල් මිලියන 684ක මුදලක් අපතේ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මෙම විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරිම සදහා කොමිෂන් සභාව විසින් අදාල කොන්ත්‍රාත්කරු සමග 2014 ජුලි මස 28 වැනි දින ගිවිසුමකට එළඹ තිබුණා.

එම ගිවිසුම කොමිෂන් සභාව විසින් 2016 අගෝස්තු මස 10 වැනි දින අවසන් කර තිබුණා. කොන්ත්‍රාත්තුව නිම කරණු ලැබු දිනට ව්‍යාපෘතියේ භෞතික ප්‍රගතිය සියයට 33.1ක් වු අතර ඒ සදහා දරනු ලැබු රුපියල් මිලියන 684ක මුදල නිෂ්කාර්ය වියදමක් වි තිබු බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

කෙසේවුවද කොමිෂන් සභාව විසින් ගනු ලැබු තිරණයට එරෙහිව අදාල කොන්ත්‍රාත්කරු විසින් රුපියල් 706,666,172,ක ඇස්තමේන්තුගත වන්දියක් ඉල්ලා ආරවුල් බේරුම්කාර මණ්ඩලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබුණා.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ කොමිෂන් සභා තිරණයකට අනුව ඉදිකිරිම් නතර කළබවත් ඉදිරි කටයුතු ආරම්භ කිරිම සදහා පවතින නීති ගැටළු විසදා ගැනිමට නීති අංශ කටයුතු කරගෙන යන බව කොමිෂන් සභාව විසින් විගණනයට දන්වා තිබෙනවා.

ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: