hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 03, ප.ව. 12:38



“සුනාමියට පෙරහුරුවක් ” සුනාමි ආපදා අවදානම් පාසැල් සදහා සුනාමි ආපදා පෙරසුදානම් පෙරහුරු වැඩසටහනක් මාර්තු මස 01 වැනිදා සිට මාර්තු 03 වැනිදා දක්වා දකුණු පළාත තුළ සුනාමි ආපදා අධි අවදානම් පාසැල් මුලික කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙනවා.

එබැවින් මේ දිනවල සුනාමි ආපදා තත්වයක් පිළිබද පුර්ව අවදානම් නිවේදනයක් ඔබ වෙත ලැබුණ හොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් එහි සත්‍ය අසත්‍යතාව විමසන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට දැනුම් දෙනවා.

මෙම පෙරහුරු වැඩසටහන යටතේ ඊයේ (02) මාතර මහාමායා විද්‍යාලය, සහ ගාල්ල සුදර්මා මහා විද්‍යාලය යන විද්‍යාලයන්හි පෙරහුරු වැඩසටහන් පැවැත්වූ අතර අද (03) මාතර කඹුරුගමුව ද්විතීක විද්‍යාලය සහ ගාල්ල මාදම්පාගම මධ්‍යවිද්‍යාලය සහ කුමාර කාශ්‍යප යන පාසල් සදහා සුනාම් පෙරහුරු වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

අද දින පැවති පෙරහුරු වැඩසටහන සදහා නිකුත් කරන ලද සුනාමි අවදානම් පිළිබද පුර්ව දැනුම්දීමේ නිවේදනය එම පුහුණු සැසිය සදහා සහභාගී වු නිළධාරියෙකු විසින් මුහුණු පොතට එක්කර ඇති අතර එය මුහුණු පොත හරහා සංසරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් කළබල නොවන ලෙසත් හුදෙක් මෙය පුහුණු සැසියක් සදහා නිතුක් කරන ලද සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් පමණක් බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

එසේම එවැනි ආපදා පුර්ව අනතුරු ඇගවීමක් පිළිබදව හෝ යම් අවිශ්වාස පුවතක සත්‍යතාව දැනගැනීම සදහා 117 දුරකථන අංකයෙන් විමසන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.