hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 09, පෙ.ව. 12:16



අපරාධ චෝදනාවකට ලක්වන පුද්ගලයෙකුට අධිකරණයකින් දඬුවම් දිම හැර වෙනත් පුද්ගලයින්ට දඬුවම් දීමට කිසිදු අයිතියක් නොමැති බව ජනාධිපති නීතීඥ යූ.ආර්.ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ නීතිය සියතට ගෙන එලෙස කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වන බවයි.

මේ අතර අපචාර හෝ දූෂණ චෝදනාවලට ලක්වන පිරිස්වල ඡායාරුප හෝ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරන පුද්ගලයින්ට මෙන්ම ඒවාට ප්‍රසිද්ධියක් ලබා දෙන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

පසුගියකාල වකවානුවේ අපචාර සහ දූෂණ චෝදනාවලට සම්බන්ධ වූ පුද්ගලයින්ට පහර දීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ අතර එවැනි පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඇතැමුන් මේවනවිටත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.