hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 13, පෙ.ව. 12:07



ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පවසා ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්‍ෂක ලෙස තරඟ වැදිය හැකි බවද ඔහු පැවසුවා.

නමුත් මෙවර ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා තරඟ නොවදින බව තමන් කැට තබා සහතික කරන බවත් ඔහු කියා සිටියා.

සමහරවිට අනුර දිසානායක මහතාට උදව් කර අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමේ අවස්ථාවක් ඇති බවත් එවන් දේශපාලන සටකපටකම් වික්‍රමසිංහ මහතාට හුරු බවත් ඔහු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: