hit counter

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

2022 ජූලි 10, ප.ව. 8:08



ඊයේ දින පැවති විරෝධතාව අතරතුර ගිනි තැබීමට ලක් වූ අගමැතිවරයාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස නිරීක්ෂණය සඳහා අද (10) උදෑසන පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර අගමැතිවරයාගේ හිතවාදීන්ගෙන් උන්වහන්සේට එල්ල වුණේ දැඩි විරෝධයක්.

එම විරෝධය හමුවේ එම ස්ථානයෙන් ඉවත්වීමට උන්වහන්සේට සිදු වුණා.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් අද උදෑසන සිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පැමිණි අතර ගුරු විදුහල්පති ජාතික එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන්ද ඒ අතර වුණා.