hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 05, පෙ.ව. 11:31



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නිල ලංඡනය අනීතිකව භාවිත කරමින් මාර්ග ගත පාඨමාලා සඳහා සිසුන් සම්බන්ධ කර ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක වන බැවින්  ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස විශ්වවිද්‍යාලය මගින් පොලිස් පරිගණක කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ෆේස් බුක් සමාගම වෙත ද පැමිණිල්ලක් ඊයේ (04) පෙරවරුවේම සිදුකළ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළා.

කළමනාකරණ, ආර්ථික, සමාජ විද්‍යා හා මනෝ විද්‍යා පාඨමාලා මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන බව දක්වමින් විශ්වවිද්‍යාලයේ නිල ලංඡනය අනීතිකව භාවිත කරමින් අදාළ දැන්වීම පළකර තිබෙන අතර මෙම වංචා සහගත ක්‍රියාවලියට මහජනතාව රැවටීමේ වැඩි ඉඩක් පවතින බැවින් මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කරන ලෙස විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා නිලධාරි මහේෂ් අබේවික්‍රම මහතා පොලිස් පරිගණක කොට්ඨාසයෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබෙනවා.