hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 පෙබරවාරි 17, ප.ව. 4:58



පුත්තලම නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයකු හෙරොයින් සමඟ පුත්තලම පොලිසියේ දුෂණ මර්ධන අංශය මගින් අද (17 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම පෝල්ස් මාර්ගයේ නගර සභා නිවාස වල පදිංචි 54 හැවිරිදි  පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබූ හොරෝයින් ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම්ස් 260 කට ආසන්න ප්‍රමානයක් සොයාගෙන තිබෙනවා.

ලැබුණු තොරතුරක් මත පොලිස් නිළධාරින් විසින් රැකවල්ලා සිට මෙම සැකකාර එජාප අපේක්ෂකයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි මෙම හෙරොයින් තොගය මන්ත්‍රිවරයාගේ අත රදවා ගෙන තිබු බවත් ඒ වන විටත් එය ගැනුම්කරුවකු ලබා ගැනිමට පැමිණෙන තුරු බලා සිටි බවද පොලීසිය කියා සිටියා.

අදාල සැකකරු මෙයට පෙර අවස්ථා තුනකදී හෙරොයින් සම්බන්ධ නඩු තුනක් වෙනුවෙන් බන්ධනාගාර ගතවු අයකු බවත් පොලිසිය සඳහන් කළා.

ඒ සමගම හෙරෝයින් නඩුවක් සම්බන්ධයෙන් වසර 14 කට ආසන්න කාලයක් සිර දඩුවම් විදිමින් පැමින ඇති බවට පොලිසියට මේ වන විට තොරතුරු ලැබි ඇති බවත් ඒ පිළිබද අනාවරණය කර ගැනිමට අදාල තොරතුරු සොයන බවද පොලසිය සඳහන් කරනවා.

අත් අඩංගුවට ගත් සැකකරු අද 17 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.