2026 ඔක්තෝබර් 14, ප.ව. 7:33
පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සිවුර ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය වහාම සියම් මහා නිකායේ කෝට්ටේ ශ්රී කල්යාණී සාමග්රිධර්ම මහා සංඝ සභාවේ මහනායක හිමියන් සහ සංඝ සභාව හමුවට ගොස් සමාව අයැද සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් පිටතට රැගෙන යාමේදී ඇඳිය යුතු ඇඳුම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම සම්පූර්ණ ඇස් බැන්ඳුමක් බවත්, එවැනි කමිටුවක කිසිදු අවශ්යතාවයක් නොමැති බවත් ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මීට පෙරද පෙන්වා දී තිබූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ පිළිබඳව බන්ධනාගාර පනතේ නිත්ය නියෝග 550 හි පැහැදිලිවම සඳහන් කර ඇත්තේ, අධිකරණයට ඉදිරිපත් කරනු ලබන වරදකරු වූ සිරකරුවෙකු බන්ධනාගාර නිල ඇඳුමෙන් ඉදිරිපත් නොකළ යුතු අතර, බන්ධනාගාර ගතවීමට ප්රථම සමාජයේ ජීවත් වන විට ඇඳීමට පුරුදුව සිටි ඇඳුමට අනුකූල සිවිල් ඇඳුමක් (හෝ අදාළ සංස්කෘතික / ආගමික පසුබිමට ගැළපෙන වස්ත්රයක්) ඇඳීමට අවසර දිය යුතු බවයි.
මෙලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තු නිත්ය නියෝගවල සෘජු මඟ පෙන්වීමක් තිබියදීත්, ඒ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීම ප්රශ්නය යට ගැසීමට සහ ඇදගෙන යාමට ගත් වංක ප්රයත්නයක් බවත්, රජයේ මෙම පියවර එක්සත් ජාතික පක්ෂය දැඩි පිළිකුලෙන් හෙළා දකින බවයි එම නිවේදනය මගින් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
2026 ඔක්තෝබර් 31, ප.ව. 5:03
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:17