hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 28, පෙ.ව. 11:38



පළාත් පාලන ආයතන විසුරුවා හැරිමෙන් පසු හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා ඇතුළු නිලධාරින් සහ සේවකයින් පිරිසක් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඇතුළු පදිංචිකරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරිමට ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබා ගැනිමේ ජාවාරමක් ක්‍රියාත්මක් වන බවට හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපති සහ නාගරික මන්ත්‍රි අලගමුත්තු නන්දකුමාර් මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ මහතා වෙත පෙරේදා (26) පැමිණිල්ලක් කර තිබෙනවා.

පළාත් පාලන ආයතන විසුරුවා හැරිමෙන් පසු හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ දිනපතා එක්රැස් වන කැලි කසල පවා බැහැර කිරිමේ කටයුතු නගර සභාවේ සේවකයින් විසින් නිසි ලෙස සිදු නොකරන බවත්, තවද නගර සභාවෙන් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යාමට පැමිණෙන ව්‍යාපාරිකයන්ට සහ ප්‍රදේශවාසින්ට එම කාර්යන් ඉටු නොකර රස්තියාදු කිරිමට නගර සභාවේ නිලධාරින් කටයුතු කරන බවටද අලගමුත්තු නන්දකුමාර් මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට කර ඇති පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා.

එම කාර්යන් ඉටු කරගැනිමට ප්‍රථම එම කාර්ය ඉටු කර ගැනිමට පැමිණෙන ව්‍යාපාරිකයන්ගේ හෝ පදිංචිකරුවන්ගේ දුරකථන අංක ලබා ගන්නා හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් සහ සේවකයින් එම දුරකථන අංක වලට ඇමතුම් ලබා දි එම කාර්ය ඉටු කර දිමට ඊසි කෑෂ් ක්‍රමයට යම් මුදලක් බැර කරන ලෙසට ව්‍යාපාරිකයන්ට සහ පදිංචිකරුවන්ගෙන් ඉල්ලිමක් කරන බවට අගතියට පත් පාර්ශවය විසින් තමන් වෙත අවස්තා කිහිපයකදි පැමිණිලි කල බවයි හිටපු සභාපතිවරයා කියා සිටියේ.

තවද හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා සහ තවත් නිලධාරින් පිරිසක් නගර සභාව තුල අවිධිමත් පාලනයක් සිදු කරන බවත්, එම පාලනය හේතුවෙන් හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ගේ සහ පදිංචිකරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටු නොකර ඒ සදහා මුදල් එකතු කිරිමේ ජාවාරමක එම නිලධාරින් සහ සේවකයින් නිරත වන බවයි හිටපු සභාපතිවරයා කියා සිටියේ. 

හැටන් දික්ඔය නගර සභා සිමාව තුල 35000 පමණ පදිංචිකරුවන් පිරිසක් සිටින අතර, හැටන් දික්ඔය නගර සභාවේ වාර්ෂික ආදායම දළ වශයෙන් කොටි 14 පමණ වන බවයි හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් කියා සිටියේ.

හැටන් දික්ඔය නගර සභාවට එරෙහිව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් අප හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඩි.ඊ.පි.බණ්ඩාර මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ නගර සභාවේ කාර්යන් ඉටු කර දිමට තම නගර සභාවේ සේවකයින් සහ නිලධාරින් ඊසි කෑෂ් ක්‍රමයට මුදල් එකතු කිරිමේ ජාවාරමක නිතර වන බවට චෝදනා තිබේ නම් එම නිලධාරින් සම්බන්ධයෙන් තමන්ව දැනුවත් කරන්නේ නම් එම නිලධාරින්ට එරෙහිව තමන් විනය පරික්ෂණයක් සිදු කරන බවයි.

තවද මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත කර ඇති පැමිණිල්ල පදනම් විරහි පැමිණිල්ලක් බවත්, හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයේ නගර සභාවෙන් ඉටු කරන සියළුම කාර්යන් නිසි ලෙස සිදු කරන බවයි නගර සභාවේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.