2024 ජූනි 17, ප.ව. 3:36
සුදු වැන් රථයකින් පැමිණි කළු පැහැති ඇඳුම් ඇඳගත් පිරිසක් තරුණයෙකු පැහැරගෙන ගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලීසිය පවසයි.
මෙසේ පැහැර ගෙන ගොස් ඇත්තේ කළුතර හීනටියංගල ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයෙකු බව පොලිසිය සඳහන් කළා.
පැහැරගෙන ගොස් ඇති තරුණයාගේ මව විසින් කළ පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සැකකරුවන් සුදු පැහැති වැන් රථයකින් පැමිණ හීනටියංගල දේවස්ථානය ආසන්නයේ දී එම තරුණයා ට පහරදී ඔහුව පැහැරගෙන ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණවලදී හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් ප්‍රදේශය හැරගොස් සිටින බවත් ඔවුන්ව කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බවත් කළුතර උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවා.
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:16
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:12
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09