2026 ජූලි 30, පෙ.ව. 12:13
දඹුල්ල වෙළෙඳපොළට එළවළු තොග සැපයුම කිලෝග්‍රෑම් ලක්ෂ දෙකකින් පමණ පහළ ගොස් ඇති බව විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති සී.ඒ. සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඊට හේතුවී ඇත්තේ අධික පෑවිල්ල හේතුවෙන් වගාව විනාශ වීම සහ ගොවීන්ට නිසි පරිදි පොහොර නොලැබීම බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙයි.
එසේම ඔහු සඳහන් කළේ දෛනිකව එළවළු කිලෝ ලක්ෂ හයකට අධික ප්‍රමාණයක් ලැබුණ බවත් තොග සැපයුම කිලෝ ලක්ෂ හතරක් පමණ දක්වා පහළ ගිය බවත් ය.
එමෙන්ම තොග මිල පහළ ගිය ද මාළුමිරිස් කිලෝවක් සඳහා රුපියල් 500-550ක ඉහළම තොග මිල ලැබී ඇත.
ඊට අමතරව කැරට් කිලෝවක තොග මිල රුපියල් 230-250ක්, වම්බටු 350ක්, මුරුංගා 150-200ක්, වට්ටක්කා 115ක්, බණ්ඩක්කා 60-70ක්, ලීක්ස් 200ක්, වැටකාළු 170ක තොග මිලකට අලෙවි වී ඇති බව සඳහන්.
එමෙන්ම සභාපතිවරයා කියා සිටියේ රට පුරා එළවළු තොග ගැනුම්කරුවන්, ජංගම වෙළෙඳුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයෙන් පැවැති බවත් ලැබුණ එළවළු තොග සම්පූර්ණයෙන්ම අලෙවි වූ බවත් ය.
2026 ජූලි 30, පෙ.ව. 12:30
2026 ජූලි 30, පෙ.ව. 12:25
2026 ජූලි 30, පෙ.ව. 12:16
2026 ජූලි 30, පෙ.ව. 12:15
2026 ජූලි 30, පෙ.ව. 12:13
29-07-26
29-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
28-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
27-07-26
25-07-26
25-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26
23-07-26