2026 නොවැම්බර් 04, පෙ.ව. 10:45
ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළදපොළේ උඩරට සහ පහතරට එළවලු මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්රදේශයේ වෙළදුන් කියයි.
පවත්නා තත්වය මත උඩරට සහ පහතරට සෑම එළවලු කිලෝවක්ම රු.400-600ත් අතර උපරිම සිල්ලර මිලකට අලෙවි වන බවත්, එළවලු මිල ඉහළ යෑම හමුවේ පාරිභෝගිකයින්ගෙන් එළවලු මිලදී ගැනීම අඩුවී ඇති බව හැටන් ප්රදේශයේ වෙළදුන් කියා සිටියි.
එළවලු මිල ඉහළ යෑමත් සමග මඤ්ඤොක්කා කිලෝවක මිලද රු.200 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය දිනවල දිවයින පුරා පැවති දැඩි අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එළවලු වගාවට හානි සිදු වී ඇති නිසා මෙසේ එළවලු මිල ඉහළ ගොස් ඇති බව එම වෙළදුන් කියා සිටියි.
2026 නොවැම්බර් 04, පෙ.ව. 10:36
2026 නොවැම්බර් 04, පෙ.ව. 10:34
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:36
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:21
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:18