hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 11, ප.ව. 4:38



කටුගස්තොට මැණික්කුඹුර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ග්‍රෑම් ලක්ෂයකට අධික ප්‍රමාණයක් කුණු වී විනාශ වී ගොස් ඇති බව එම ව්‍යාපාරිකයෝ පවසනවා.                                                                   

ඉකුත් 09 දින ඇඳිරි නීතිය දමන විටද එළවළු තොග විශාල ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබූ බවත්, එළවලු තොග රැගත් ලොරි විශාල ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණෙමින් තිබු බවත් හදිසි ඇඳිරි නීතිය හේතුවෙන් එම එළවළු තොග අලෙවි කර ගැනීමට නොහැකි වූ බවත් මේ වන විට එළවළු මිලදී ගැනීම සඳහා කිසිවකු හෝ නොපැමිණෙන බවත් ඔවුහු පවසයි.                               

මැණික් කුඹුරආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එන්.සිල්වා, භාණ්ඩාගාරික පී.බී. දිසානායක හා එම සංගමයේ ලේකම් තිස්ස ද සිල්වා යන මහත්තුරු සඳහන් කළේ හදිසි ඇඳිරි නීතිය හේතුවෙන් එළවළු ව්‍යාපාරිකයන් මෙන්ම ගොවියන්ද ඉමහත් අසීරුතාවයට පත්ව ඇති බවත් එළවළු අලෙවි කර ගැනීමට නොහැකිව තොග වශයෙන් කුණු වෙමින් පවතින බවත් එබැවින් ඇඳිරි නීතිය පැවැතියද මෙම එළවළු වැනි දෑ අලෙවි කිරීම සඳහා රජය මගින් යම් කිසි ක්‍රියාමාර්ගයක්  ගැනීම අත්‍යවශ්‍යය  කාරණයක් බවයි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් එළවළු රැගෙන විත් අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

ඇඳිරි නීතිය පැවැති අද (11) පෙරවරුවේ දඹුල්ල ,නාවුල, ගලේවෙල, සීගිරිය, ආදී ප්‍රදේශවල නගර දැඩි පාළුවට ගොස් තිබෙනවා.