hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 11, ප.ව. 4:31



බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන සියලු ම දිනයන්හිදී සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

රට තුළ පැවති ඉන්ධන අර්බුදයට මේ වනවිට සහනයක් ලැබී ඇති බැවින් එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා පැවසුවා.

ඒ අනුව, 2022 ජුනි 29 වන දා සිට කල් ඉකුත් වන, බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා 2022 අගෝස්තු 31 දක්වා දඩ අයකිරීමක් සිදු නොකරන බව එමගින් දැනුම් දී තිබෙනවා.