hit counter

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 25, ප.ව. 5:30



වාහන ආදායම් නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන 27 වැනිදා සිට එළඹෙන 02 වැනිදා දක්වා අදාළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවනු ඇති.

මේ හේතුවෙන් හෙට (26) සිට කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර ලබන මස 10 වැනිදා දක්වා දඩ මුදලකින් තොරව නැවත ලබා ගත හැකියි

එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර ලබා ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 06 වැනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට ද කටයුතු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: