2026 නොවැම්බර් 10, පෙ.ව. 9:38
මේ වනවිට එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල වෙමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ යටතේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර ඉතා කෙටි කාලයක් තුළ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න සඳහන් කරයි.
අද (10) දින බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එනිසා ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
2026 නොවැම්බර් 10, පෙ.ව. 9:36
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:32
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:30
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:15