hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මාර්තු 04, පෙ.ව. 9:05



මෙරට මෝටර් රථ ප්‍රදර්ශන ඉතිහාසයේ නවමු අත්දැකීමක් ජනතාවට එක් කරමින් ඔටෝ එක්ස්පෝ (Auto Expo) 2024 මෝටර් රථ තාක්ෂණික හා වෙළෙඳ ප්‍රදර්ශනය මාර්තු මස 01, 02 හා 03 යන දිනවල මහනුවර සහස් උයනේදී පැවැත්විනි.

මෙරට පැරණිතම ගිනි නිවන රථය, දෙවෙනි ලෝක යුද්ධය සඳහා යුද හමුදාව භාවිතා කළ රථ, මෙරට පාලනය කළ  සුදු ජාතිකයන් එංගලන්තයෙන් ගෙන්වා භාවිතා කළ රථ ඇතුළු මෙරට පැරණිතම රථ වාහන, ප්‍රභූවරුන් මෙන්ම විශේෂිත පුද්ගලයන් භාවිතා කළ වාහන, දෙස් විදෙස් මෝටර් රථ තරගවල ජයග්‍රහණය කළ වාහන මෙන්ම පැරැණි යතුරුපැදි එකතුවක්ද අතීතයේ සිට  වර්තමානය දක්වා මෝටර් රථ, යතුරුපැදි විකාශය පිළිබිඹු කෙරෙන රථ වාහන රැසක්ද ප්‍රදර්ශනයට එක්කොට තිබූ අතර මෙම රථ වාහනවල පැරණි හිමිකරුවන් මෙන්ම වාහන සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා විශේෂිත පුහුණුව ලද  කණ්ඩායමක්ද ජනතාව දැනුම්වත් කිරීම සඳහා එක් කොට තිබීම ප්‍රදර්ශනයේ  විශේෂත්වයක් වුණා.

ඔටෝ එක්ස්පෝ ප්‍රදර්ශනය පිළිබඳ කරුණු දැක්වූ එලීට් වෙන්චර්ස් ආයතනයේ  ජාලිය රාජගුරු මහතා අදහස් දක්වමින් මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මෙහෙයුම් කටයුතු සඳහා නිෂ්පාදනය කරන ලද වාහන මෙන්ම 1940 සිට 1970 දක්වා මෙරට භාවිත කළ මෝටර් රථ හා යතුරු පැදි එක් කරන බව සඳහන් කළ අතර පැරණි හා නවීන වාහන වලට අදාළ තාක්ෂණික දැනුම ඇතුළු ඕනෑම කාරණයක් සම්බන්ධව දැනුම අලුත් කරගත හැකි  විශේෂ වැඩසටහන් මෙහි දී ක්‍රියාත්මක බව එලීට් වෙන්චර්ස් ආයතනයේ දිමුතු බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.

තරුණ හා ළමා පරපුර ලංකාවේ පෞද්ගලික හා පොදු ප්‍රවාහන සඳහා යොදා ගත් වාහන වල තාක්ෂණය සම්බන්ධවත් පැරණි වාහනයක් ධාවන තත්ත්වයෙන් පවත්වා ගෙන යෑමට අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරන ආකාරය පිළිබඳවත් මෙහි දී ග්‍රෑන්ඩ් කාර් ක්ලබ් මගින් ලබා දීමට නියමිත බව එහි සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කර සිටියා.

පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ විදුලි හා කාර්මික දෙපාර්තුමේන්තුව, වෘත්තිය පුහුණු අධිකාරිය, ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පැරැණි මෝටර් රථ සමාජය, යතුරු පැදි සමාජය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් මෝටර් රථ කාර්මික ශිල්පය හදාරන සිසුන් සඳහා පුහුණුව ලබා දීමට උපයෝගි කර ගන්නා පැරණි වාහන ප්‍රදර්ශනයට එක් එක් කොට තිබුණා.

උත්සව සංවිධානයේ කීර්තිමත් නමක් හිමි එලීට් වෙන්චර්ස් (Elite Ventures) ආයතනය මෙය සංවිධානය කරනු ලැබූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා ප්‍රදර්ශන සමාරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත වශයෙන් එක්වුණා.