2025 මැයි 20, පෙ.ව. 12:07
වාහන මිල ගණන් ගැන ගොඩක් දෙනෙක් මේ දවස්වල සැලකිලිමත්. ඉතින් ඔන්න ඒ, අතරේ තවත් විශේෂ ආරංචියක් ඇවිල්ලා.
ජපානයෙන් ආනයනය කරන වාහන මිල සියයට 5 ත් 10 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇතැයි වාහන ආනයනකරුවන් පවසනවා.
ඒ, ඩොනල්ඩ් ට්‍රම්ප් බදු ප්‍රතිශත ඉහළ දැමීම සම්බන්ධව කරන ලද ප්‍රකාශය නිසා විනිමය අනුපාත වෙනස්වීම හේතුවෙන්.
ඒ, අනුව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ජපන් යෙන් එකක වටිනාකම ක්‍රමයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරටට ජපානයෙන් ආනයනය කරන වාහන සඳහා වැඩි මුදලක් වැය කිරීමට වාහන ආනයනකරුවන්ට සිදුවී ඇති බවත්, විනිමය අනුපාත වෙනස්වීම් නිසා ජපානයේ වාහන වෙන්දේසි කරන ආයතන වාහන මිල ගණන් ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය මත වැගන් ආර් රථයක් රුපියල් ලක්ෂ තුන හමාරකින් ඉහළ ගොස් ඇති අතර, ටොයෝටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ රථයක් රුපියල් ලක්ෂ 35 ත් 40 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම මෙරටින් තිබෙන ඉල්ලුමට සාපේක්ෂව ජපානයෙන් සැපයුම් කිරීමට එරට වෙන්දේසි ආයතනවල වාහන නොමැති බව ද අනාවරණය වී ඇත.
මෙම අධික ඉල්ලුමද, ජපානයේ වෙන්දේසි ආයතනවලින් වාහන මිල ගණන් යම් පමණකින් ඉහළ දැමීමට බලපා ඇති අතර, වාහන ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු මෙරටට වාහන 5,000 ක් පමණ ජපානයෙන් ආනයනය කර තිබෙනවා.
ඉන් වාහන 3,000 කට වැඩි සංඛ්‍යාවක් විකිණී අවසන් බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ පැවසූ අතර, ආනයනික වාහන රේගුවෙන් නිදහස් කරගැනීමේ දී විශාල ප්‍රමාදයක් පවතින බවත්, මේ නිසා වැඩි වශයෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවී ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
2025 ජූනි 17, පෙ.ව. 12:13
2025 ජූනි 17, පෙ.ව. 12:09
2025 ජූනි 17, පෙ.ව. 12:07
2025 ජූනි 17, පෙ.ව. 12:06
2025 ජූනි 17, පෙ.ව. 12:05
17-06-25
17-06-25
16-06-25
16-06-25
15-06-25
15-06-25
15-06-25
15-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
13-06-25
11-06-25
11-06-25
10-06-25
10-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25