hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 මාර්තු 09, පෙ.ව. 11:41



රජයේ පාසල්වල පළමු ශේ‍ර්ණියට සිසුන් ඇතුළත් කිරීමේ අයැදුම්පත් මෙම වසරේදී අඩු වී ඇති බව බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ශේ‍ර්ණියට ඇතුළත් කිරීම සඳහා මීට පෙර අයැදුම්පත් 1,500ක් පමණ ලැබී ඇති නමුත් මෙම වසරේ එම අයැදුම්පත් සංඛ්‍යාව 500 දක්වා පහළ බැස ඇති බව අනාවරණය වන බවද ඔහු ප්‍රකාශ කළා. 

හොරණ ප්‍රදේශයේ පාසල් කිහිපයකද පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීමට ලැබී ඇති අයැදුම්පත් සංඛ්‍යාව පහළ බැස ඇති බවද ඔහු සඳහන් කළා.

දරුවන් බොහෝ පිරිසක් පෞද්ගලික පාසල් වෙත ඇතුළත් කිරීමට මවුපියන් උත්සාහ ගන්නා බව පෙනෙන්නට තිබෙන බවත් මෙරට අධ්‍යාපන ක්‍රමය පිළිබඳව මවුපියන් තුළ විශ්වාසය නොතිබීම මෙම තත්ත්වයට හේතුව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

මෙරට අධ්‍යාපනය ක්‍රමය සමඟ චින්තන විප්ලවයක් ඇති විය යුතු බවද එසේ නොමැතිව සිස්ටම් චේන්ජ් කිරීමට නොහැකි බවද ඔහු පැවැසුවා.

පස් වැනි ශේ‍ර්ණියේ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට මහා බරක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවා.