hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 27, පෙ.ව. 6:38



ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, ලොව පුරා නැවතත් කොළරාව වසංගත තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතින බව අනතුරු අඟවනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොවපුරා රටවල් 43ක වෙසෙන බිලියනය ඉක්මවූ ජනතාව මෙම අවදානමට මුහුණපා සිටින බව වාර්තා වෙනවා.

අපිරිසිදු ජලය හෝ ආහාර භාවිතයෙන් වැළඳෙන කොළරාව හේතුවෙන් පාචනය වැනි රෝගී තත්ත්වයන් හටගන්නා අතර ඉන් ඇතැම් අවස්ථා මාරාන්තික වෙනවා.

2022 වසරේ පටන් ලොවපුරා කොළරා රෝගීන් වාර්තා වීම ඉහළයමින් පවතින අතර ඉන් බහුතර උග්‍ර දරිද්‍රතාවෙන් පීඩා විඳින පිරිස වෙනවා.

දරිද්‍රතාව, ආපදා, යුද ගැටුම් සහ කාලගුණික විපර්යාස මෙලෙස කොළරා වසංගතය උග්‍ර වීමට හේතුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.