hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 අප්‍රේල් 06, පෙ.ව. 11:20



වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියන්ට අනතුරු අගවමින් තැපෑලෙන් එවා ඇතැයි කියන නිර්ණාමික ලිපියක් සම්බන්ධව මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මීට අමතරව පොලිස් බුද්ධි අංශය වෙනම පරීක්ෂණයක් ආරම්භ කළ බවද පොලිසිය පැවසුවා.

වාහනයක අංකයක් සඳහන් කර එම වාහනයෙන් පැමිණෙන පුද්ගලයකු අස්ගිරි මහා නාහිමියන් පිළිබඳ තොරතුරු සොයන බවට එම නිර්නාමික ලිපියේ සදහන් කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

එම ලිපියෙහි සඳහන් කර ඇති පුද්ගලයා පිළිබඳ විශේෂ පොලිස් කණ්ඩායමක් තොරතුරු විමර්ශනය කරගෙන යන බව මහනුවර මූලස්ථාන පොලිසියේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසුවා.

අස්ගිරි මහනාහිමියන්ගේ නිල ආරාමයට යෑමට තොරතුරු සොයන වාහනය බවට හඳුනාගත් හඳුනා ගත් වෑන් රියක් සහ එහි ලියා පදිංචි අයිතිකරු වන මහනුවර සුදුහුම්පොළ පදිංචි පුද්ගලයකු ගැන ද පොලිසිය තොරතුරු හෙළි කර ගෙන තිබෙනවා.

මධ්‍යම දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණ මත මහනුවර මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා.